විපක්ෂයේ ඉල්ලීම පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා පාර්ලිමේන්තුව වෙත අද (31) පැමිණියේය.
ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහායි.
ආසන්න වශයෙන් වැලිගම ප්‍රාදේශීය සභා සභාපතිවරයා සිය කාර්යාලය තුළ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මතු වූ විවාදාත්මක තත්ත්වයත් මත මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මීට වඩා වැඩි අවධානයක් යොමුකරන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරු ආණ්ඩුවෙන් ඉල්ලීම් කර තිබේ.
ඒ අනුව කථානායකවරයා හරහා විපක්ෂයේ මන්ත්‍රීවරු කරන ලද ඉල්ලීමට අනුව පොලිස්පතිවරයා අදාළ සාකච්ජාව සඳහා පාර්ලිමේන්තුවට පැමිණ සිටියි.




