සංවිධානාත්මක අපරාධ හා මත් ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ මේ වන විට අත්අඩංගුවේ පසුවන බැකෝ සමන් නැමැත්තාගේ බිරිඳ අද (31) ඇප මත නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
විෂ මත්ද්‍රව්‍ය පනත හා මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඇය රිමාන්ඩ් භාරයට පත් කර සිටියාය.
ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත් කණ්ඩායම සමඟ ඇයද සිටි අතර සැකකාරියගේ ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම පවසා තිබුණේ විෂ මත්ද්‍රව්‍ය පනතේ 54 (1 ) වගන්තිය යටතේ සැකකාරිය රිමාන්ඩ් භාරයට පත්කිරීමට තරම් සෑහීමකට පත් විය හැකි කරුණු පැමිණිල්ල විසින් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවයි.
ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 115(2) වගන්තිය ප්‍රකාරව මෙම සැකකාරිය තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ප්‍රමාණවත් කරුණු ඉදිරිපත්වී නොමැති හෙයින් ඇය ඇප මත මුදාහරින බව මහෙස්ත්‍රාත්වරයා සිය ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේය.
ඒ අනුව සැකකාරිය රුපියල් 50,000/-ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත්නිවරයා යෝග කළ අතර ඇයගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියෝග කරන ලදී.
ඊට අමතරව සෑම ඉරිදා දිනකම පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කළ යුතු බවටත් සැකකාරිය වෙත තවත් ඇප කොන්දේසියක් පනවා තිබේ.
මෙම නඩුව යළි ජනවාරි මස 22 වන දා කැඳවීමට නියමිතයි.





