/ Nov 13, 2025

කෝටි 60ක් දී රන් මිලට ගන්න ගිය හිස්බුල්ලා මන්ත්‍රී නිල නිවසකුත් අරගෙන!

ඝානා ජාතිකයන් පිරිසකගෙන් කෝටි 60 ක පමණ මුදලක් ගෙවා රත්රන් මිලට ගැනීමට ගිය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයෙන් නිවසක් ලබාගෙන ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ප්‍රසිද්ධ කර ඇති ඔහුගේ වත්කම් බැරකම් ප්‍රකාශයේ කොළඹ 08 ලේක්ඩ්‍රයිව් පිහිටා ඇති නිවසක් නිල ලිපිනය දෙස දක්වා තිබේ. කොළඹ පදිංචියට නිවසක් හිමි නම් මෙලෙස නිවසක් ලබා ගැනීමේ අවශ්‍යතාවක් තිබේදැයි ප්‍රශ්නයකි.

කෙසේ වෙතත්, මාදිවෙල මන්ත්‍රී නිල නිවාස 120න් 73ක්ම ලබාගෙන ඇත්තේ ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු බව වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top