/ Nov 13, 2025

අපි නම් ආරක්ෂාව ඉල්ලුවේ නෑ. අපිට රටේ මිනිස්සු ෂුවර් – ටී.බී. සරත්

ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු ලෙස ආරක්ෂාව ඉල්ලා නැති අතර තමන් ඇතුළු කණ්ඩායමට ජනතාව විශ්වාස බව නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් පැවසීය.

ගහල මැරීමට හෝ වෙඩි තබා මරාදැමීමට රටේ ජනතාවට වුවමනාවක් නැති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (02) පොළොන්නරුව දියබෙදුම, කටුකෙලියාව, නෑහින්න ප්‍රදේශයේදී පැවති අපනයන කෘෂි මහිම පොලොන්නරුව දිස්ත්‍රික් සමාරම්භක වැඩසටහන අමතමිනි.

“මනෝ වෛද්‍යවරුන්ගේ දේශන ගම්වලට ඕනෙ දැන්. සම්පූර්ණයෙන් මේ ගම කණපිට හරවලා වෙනස් කරනවා. මේ සමාජයේ අවුරුදු තුනක් හතරක් ගියාම තමන්ගෙ වර්ගයා බෝ කරන්න බැරි දරුවෙක් හැදෙන තැනට විෂ මත්ද්‍රව්‍ය අපේ රටට ගෙනාවා. කවුද ගෙනාවේ ? දේශපාලනඥයෝ නෙවෙයිද ? ඔත්තු දෙන්න තියෙනවා නම්, වෙන කාටවත් දෙන එක සැකයි නම් කෙළින්ම මට දෙන්න. දැන් ඊයෙ එක්කෙනෙක් කියනවා ගෙදර ගියාම දරුවන්ට, වයිෆ්ට ආරක්ෂාව නෑලු. ඉතින් එහෙම පිස්තෝල දෙන්න ගියොත් වයිෆ්ට එකයි, දරුවට එකයි, දරුවා ඉස්කෝලෙ යන්න එකයි. මිනිහා මොනවා කරයිද දන්නෑනෙ ඉස්කෝලෙ පිස්තෝලෙ අරන් ගිහිල්ලා. අපිට නම් අපි ආරක්ෂාව ඉල්ලන්නෙ නෑ, අපිට ෂුවර් මේ රටේ ජනතාව. ගහලා මරන්න හරි, වෙඩි තියලා මරන්න හරි වුවමනාවක් මේ රටේ ජනතාවට නෑ. මොකටද අපිට ගහන්නෙ ?” යනුවෙන් ඔහු ප්‍රකාශ කරන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top