දකුණු මුහුදු තීරයේදී බහු දින ධීවර යාත්‍රාවකින් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකරුවන් 06 දෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයේ ලබන 08 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (03) අවසර ලබා දී තිබේ.
එම යාත්‍රාවේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 251.18ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 85ක් සොයා ගෙන තිබුණි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගත් එම සැකකරුවන් අද (03) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවට ඉදිරිපත් කෙරුණි.
දකුණු මුහුදු තිරයේදී “සීදේවි” නමැති බහුදින ධීවර යාත්‍රාවෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගෙන දික්ඕවිට වරායට රැගෙන විත් තිබේ.
ඒ අනුව මත්ද්‍රව්‍ය ආනයනය කිරීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ සැකකරුවන් හයදෙනා අත්අඩංගුවට ගෙන තිබුණු අතර මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු මෙතෙක් අවසන් කර නොමැති හෙයින් සැකකරුවන් ලබන 08 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දෙන ලෙස පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අධිකරණයෙන් ඉල්ලා ඇත.
එම ඉල්ලීමට අනුව ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අදාළ සැකකරුවන් පොලීසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී තිබේ.
මේ අතර විමර්ශනවල ප්‍රගතිය ලබන 08 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහෙහේස්ත්‍රාත්වරයා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට නියෝග කරන ලදී.





