අම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රයේ සිදුවූ වේද තැබීමේ සිධියට අදාළව වෙඩික්කරුවන් පලාගිය මෝටර් රථය සොයා ගෙන තිබේ.
අහුංගල්ල පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමේදී එම මෝටර් රථය සොයාගෙන තිබෙන අතර සැකකරුවන් කරන්දෙණිය එගොඩවෙල මංසන්ධියේදී මෝටර් රථය අතහැර පලාගොස් ඇත.
ඒ අනුව වෙඩික්කරුවන් වෙඩිතැබීම සිදුකර බෙංවල එගොඩවෙල හරහා ගමන් කර ඇති බවට පොලීසිය සැක පළ කර තිබේ.
අද පෙරවරු 10.30ට පමණ එම වෙඩි තැබීම සිදුකර තිබුණ අතර වෙඩි වැදී තුවල ලැබූ පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කර තිබුණු නමුත් ඔහු ජීවිතක්ෂයට පත්විය.
මාළු ව්‍යාපාරිකයෙක් වූ එම තැනැත්තා විදෙස්ගතව සැඟවී සිටින අපරාධකරුවකු වන ‘කරන්දෙණිය සුද්දා’ නම් අපරාධකරුගේ වැඩිමහල් සහෝදරියගේ ස්වාමී පුරුෂයා බව සඳහන්. ඔහුට මුහුණට හා පපුවට වෙඩි පහර 4ක් එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.
වෙඩි වැදීමෙන් මියගිය පුද්ගලයා 54 හැවිරිදි අම්බලන්ගොඩ, පෝරඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු පසුගිය පළාත් පාලන මැතිවරණයට සමගි ජන බලවේගයෙන් අම්බලන්ගොඩ නගර සභාවට තරඟවැද පරාජයට පත්ව ඇති බවද සඳහන්.
කෙසේවෙතත් වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර වැඩිදුර විමර්ශන දකුණු පළාත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක කර තිබේ. පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කපු මහතා ප්‍රධානත්වය දරන මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයා ලෙසද මියගිය තැනැත්තා කටයුතු කර ඇති බව පොලීසිය පවසයි.





