/ Nov 13, 2025

Update -2026 අයවැය යෝජනා

2026 වසර සඳහා වන අයවැය යෝජනාව කියවීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ සිදුකරමින් පවත්නාව. සංවර්ධනය ඉලක්ක කරගනිමින් මෙවර අයවැය ඉදිරිපත් කර තිබෙන අතර ලබන වසරේ 7% ඉක්මවූ ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා සිය අයවැය කතාව අතරතුර සඳහන් කරන ලදී.

සිසුන්ගේ පොදු පහසුකම් වැඩි කිරීමට රුපියල් මිලියන 2500ක්.

උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම වෙනුවෙන් වෘත්තීය පුහුණු අධ්‍යාපාන ආයතන 9ක් වැඩි කිරිම ඇතුළු වෘත්තීය පුහුණු අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට රුපියල් මිලියන 9000ක්

අධ්‍යාපන ඩිප්ලොමාධාරීන්ට රුපියල් 2500ක් දක්වා දීමනා වැඩි කරනවා.

ඔටිසම් සහිත දරුවන්ගේ සංවර්ධනය වෙනුවෙන් අමතර රුපියල් මිලියන 500ක් වෙන් කරනවා

පෞද්ගලික අංශයෙට ආබාධ සේවකයන් බඳවා ගන්නවා නම් රුපියල් 15000ක් දක්වා වැටුපෙන් උපරිමයට යටත්ව වසර දෙකක් රජයෙන් ගෙවීම් කරනවා

මහපොළ රු 10,000 ක් ඉහළට – ශිෂ්‍යාධාර රු 9000ක් දක්වා ඉහළට

ආබාධ සහිත දරුවන් පාසල්වලට යොමු කිරිමේ අරමුණින් එක් දරුවෙකුට රුපියල් 5000ක දීමනාවක් ලබාදීමට රුපියල් මිලියන 50ක්

අස්වැසුමට රුපියල් මිලියන 9000ක්

2025 වසරේදී සිසුන් වෙනුවෙන් ලබාදුන් රු 6000 දීමනාව 2026 දී ලබා දෙනවා.

ආබාධිත ප්‍රජාවගේ ප්‍රවේශවිම් සහතික කිරිමට රුපියල් මිලියන 1000ක්

ආබාධිත සහිත ප්‍රජාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරනවා. රුපියල් මිලියන 19000ක්

රටම එකට ජාතික මෙහෙයුමට රුපියල් මිලියන 2000ක්

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 6500ක්

පර්යේෂණ ප්‍රතිඵල වාණිජ කිරීම වෙනවෙන් ජාතික සභාවක් ස්ථාපිත කරන්න රුපියල් මිලියන 1200ක්

මාර්ගගතව රජයේ ආයතනවලට ගෙවීම් කිරිමේදි සේවා ගාස්තු අය කරන්නේ නෑ. කිව් ආර් හරහා ගෙවිම් කිරීමේදී රුපියල් 5000ට අඩු ගෙවීම් සදහා රජයේ ගාස්තු අය කරන්නේ නෑ.

නව සන්නිවේදන කුළුණු වෙනුවෙන් අය කරන බද්ද වසර පහකට නිදහස් කරනවා

අස්වැසුම පවුල්වල ලාභීන්ට බ්‍රෝඩ් බ්‍රෑන්ඩ් වව්චර

පාසල්වලට කෘතිම බුද්ධිය හා ක්ලව්ඩ් පද්ධති වෙනුවෙන් රුපියල් මිලියන 750ක්

සාධාරණ සහ සාමකාමී සමාජයක් සඳහා 2026 වසරට රු. බිලියන 307

සදාහරිත ජීවිතයක් සඳහා2026 වසරට රු. බිලියන 57ක්

තිරසාර කෘෂිකර්මාන්තයක් සඳහා 2026 වසරට රු. බිලියන 267ක්

ගෞරවාන්විත සුවපහසු දිවියක් වෙනුවෙන් 2026 වසරට රු. බිලියන 169ක්

ආරක්‍ෂිත , කාර්යක්‍ෂම පරිසර හිතකාමී සහ තිරසාර ප්‍රවාහන සේවයක් 2026 වසරට රු. බිලියන 456ක්

අධ්‍යාපනයේ ගුණාත්මක බව, සමානාත්මතාවය හා විශිෂ්ඨත්වය ළඟාකර ගැනීම 2026 වසරට රු. බිලියන 704ක්

සුවපත් සමාජයක් සඳහා නිරෙෝගී දිවි පෙවෙතෙක් 2026 වර්ෂයට රු. බිලියන 654ක්

සියලු රජයේ ගෙවීම් සඳහා මාර්ග ගත ගෙවීම් හරහා කිරීමට කටයුතු කරනවා. රාජ්‍ය ආයතන ගෙවීම් කිරීමේදී සේවා ගාස්තු අය කරන්නේ නෑ. මෙය සංවර්ධනය කිරිමට රුපියල් මිලියන 1000ක් හා තවත් 500ක් වෙන් කරනවා.

වසර ගණනාවක් අත්හැර දමා ඇති කුරුණෑගල හා ගාල්ලේ ඇති තාක්ෂණික උද්‍යාන සඳහා ගෙවා නොමැති හිඟ මුදල රු. මි 1,500ක් මේ වසරේ ගෙවා නිමකිරීමට නියමිතයි

සංචාරක කර්මාන්තය වර්ධනය කරන්න රුපියල් මිලියන 3500ක්

ඩිජිටල්කරණය වෙනුවෙන් රුපියල් මිලියන 25500ක්

වසර ගණනාවක් අත්හැර දමා ඇති කුරුණෑගල හා ගාල්ලේ ඇති තාක්ෂණික උද්‍යාන සඳහා ගෙවා නොමැති හිඟ මුදල රු. මි 1,500ක් මේ වසරේ ගෙවා නිමකිරීමට නියමිතයි

ඩිජිටල්කරණය වෙනුවෙන් රුපියල් මිලියන 25500ක්

ආයෝජන කලාප ආශ්‍රිත සේවා ආර්ථික කලාප ගොඩනැගීමට රු .මි 2,000ක් වෙන්කර ඇති අතර, එයට අමතරව රු මි 1,000ක් වෙන් කිරීමට යෝජනාවක්

රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය පිළිබඳ නියාමනය සඳහා වූ පනත 2026 දී පාර්ලිමේන්තුවට

විදේශ සහ දේශීය ආයෝජන සඳහා වඩාත් ශක්තිමත් වූ දිරිගැනීම් පාලන තන්ත්‍රණයක් ඇතිකිරීමට ක්‍රමෝපායික සංවර්ධන පනතට සහ කොළඹ වරාය කොමිෂන් සභා පනතට සංශෝධන

ආනයන වැඩි කිරීම සඳහා අපනයන අපනයනය සංවර්ධන මණ්ඩලය විසින් ජාතික අපනයන සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක සකස් කරමින් පවතින අතර එම ජාතික අපනයන සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අදාල මූලික කටයුතු සඳහා අමතරව රුපියල් මිලියන 250ක්.

පළමු ඩිජිටල් හැඳුනුම්පත ලබන වසරේ මාර්තු මාසයේ තුන්වන කාර්තුවේදී නිකුත් කරනවා

අභ්‍යන්තර ගුවන් තොටුපොළ සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 1000ක්

තිරසාර ගොවි ණය අරමුදලක් පිහිටුවීමට රුපියල් මිලියන 800ක්

සුළු හා මධ්‍යම ප්‍රමාණ සහල් මෝල් හිමියන් වෙනුවෙන් රුපියල් මිලියන 15000ක්

කෘෂිකාර්මික ණය ලබා දීමට රුපියල් මිලියන 1700ක්

බේරේ වැව සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 2500ක්

බණ්ඩාරනායක ගුවන්තොටුපළ සංවර්ධනය යළි ආරම්භ කරනවා

ඇප රහිතව ණය ලබාදීමට මිලියන 7000ක්

තිරසාර ගොවි ණය අරමුදලක් පිහිටුවීමට රු. මිලියන 800ක්

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහන ණය පොලී වෙනුවෙන් ණය ලබාදීමට රුපියල් මිලියන 25000ක්

රජයේ සංචාරක බංගලා පෞද්ගලික අංශයත් සමග එක්ව ආදායම් උත්පාදනය කරන ආයතන බවට පත්කරනවා.

හපුතලේ ප්‍රධාන සංචාරක කලාපයක් බවට පත්කරනවා

ස්වාභාවික සෞන්දර්ය සංචාරක සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 3000ක්

ජාතික තනි වෙළඳ කවුළුවේ පහසුකම් වැඩිදියුණු කිරීමට රුපියල් මිලියන 2500ක්

අපනයන සංවර්ධන මණ්ඩලයට තවත් මිලියන 250ක්

2026 දි වසරේදී ඇප රහිත ණය වෙනුවෙන් රුපියල් මිලියන 7000ක සුරැකුමක්

වාණිජ ව්‍යාපාරවල කොටස් හිමි රජයේ සමාගමක් පිහිටුවීමට නියමිත පනතක් ලබන මාර්තුවේ ගේනවා -ජනපති

ඉඩම් තොරතුරු ඇතුලත් මධ්‍යම ඩිජිටල් තොරතුරු පද්ධතියක් නිර්මාණයට මිලියන 100ක්

ආයෝජන මණ්ඩලය හරහා ක්‍රියාත්මක ව්‍යපෘති සඳහා අනුමැතිය ලබා දීමේ ක්‍රියාවලිය ඩිජිටල්කරණයමත පදනම්ව තනි කවුළු යාන්ත්‍රණයක්

දැනට අත්සන් කළ වෙළෙඳ ගිවිසුම් හා නව වෙළෙඳ ගිවිසුම්වලට එළැඹීමට විශේෂඥ කමිටුවක් පත්කිරීම

විදේශීය ආයෝජකයන්ට නේවාසික වීසා ක්‍රමයක්

දිගනට හා නුවරඑළියට නව IT අයෝජන කලාපයන්

කර්මාන්ත කලාප වෙනුවෙන් රුපියල් මිලියන 1000ක්

2024 මුල් මාස 9ට සාපේක්ෂව මේ වසරේ මුල් මාස 9දී බිලියන 900කින් රාජ්‍ය ආදායම ඉහළට

ආයෝජනා ආරක්ෂණ පනත 2026 මුල් භාගයේ සම්මත කර ගන්නවා

ගජ මිතුරන්ට බදු සහන සංස්කෘතිය නතර කළා

විනිවිද පෙනෙන බදු ක්‍රමයක් හඳුන්වා දුන්නා

2026 රාජ්‍ය වත්කම් කළමනාකරණ පනතක්

ඩො බි15ක ඩිජිටල් ආර්ථිකයක් ඇති කරනවා. 2026 දී රාජ්‍ය ආයෝජනය 4%ක් දක්වා වැඩි කරනවා. පුනරාවර්තන වියදම් අඩු කරමින් ප්‍රාග්ධන වියදම් වැඩි කරනවා

සේවක ප්‍රේෂණය ඩොලර් මිලියන 4.8 සිට ඇමරිකානු ඩොලර් බිලියන 5.8 දක්වා වර්ධනයක්

ආර්ථිකයේ සියලු අංශවල ශක්තිමත් වර්ධනයක්

2025 වර්ෂයේ රාජ්‍ය ආයෝජන 4% ක් බලාපොරොත්තු වෙනවා

විරැකියාව පහත වැටී තිබෙනවා

අප රට තුළා ශක්තිමත් ඩිජිටල්කරණයක් ගොඩ නගනවා

විශේෂ රැකවරණය ලැබිය යුතු අයට අඛණ්ඩව රැකබලා ගන්නවා

7%ක ආර්ථික වර්ධනයක් වෙනුවෙන් කටයුතු කරනවා

ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීමට නව සංවර්ධන වැඩපිළිවෙලක්

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top