දිවයිනම ආවරණය වන පරිදි පොලිසිය ක්‍රියාත්මක කරන රටම එකට අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාළව ඊයේ (07) දිනයේ දී සැකකරුවන් 740 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ දිනයේ දී පමණක් පුද්ගලයන් 31,436 දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කළේ.
අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් ගණන 16ක් වන අතර වරෙන්තුකරුවන් 322ක් මෙන්ම විවෘත වරෙන්තුකරුවන් 200 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.
බීමත් රියදුරන් 16 දෙනෙකු හා අපරීක්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් 25 දෙනෙකු ද අත්අඩංගුවට පත්ව ඇත.
වෙනත් රථ වාහන වැරදි සම්බන්ධයෙන් 4869 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය වැඩිදුරටත් පවසයි.





