/ Nov 13, 2025

සංවිධානාත්මක අපරාධ ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා මර්දනයට තවත් විශේෂ වැඩපිළිවෙලක්!

සංවිධානාත්මක අපරාධ සහ ප්‍රචණ්ඩක්‍රියා මැඩලීම සඳහා විශේෂ වැඩපිළවෙලක් ක්‍රියාත්මක කර තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (08) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

බස්නාහිර හා දකුණු පළාත තුළ සෙසු ප්‍රදේශවලට සාපේක්ෂව සංවිධානාත්මක අපරාධ හා සමූහ ප්‍රචණ්ඩ ක්‍රියාවල වැඩිවීමක් තිබෙන බව දත්ත මඟින් අනාවරණය වී තිබෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

අපරාධ මර්දනය කිරීම සඳහා බුද්ධි නිලධාරීන් හා පෞද්ගලික ඔත්තුකරුවන් මඟින් තොරතුරු ලබා ගෙන ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම,අපරාධවලට සම්බන්ධ වී සිරගතව නිදහස් වූවන් පිළිබඳ අධීක්ෂණය කරමින් පසුවිපරම් කිරීම,අපරාධ සිදුකර විදෙස්ගතව සිටින පුද්ගලයින අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදනය ලබාගැනීම, ඔවුන් අත්අඩංගුවට ගැනීම මෙන්ම මෙරටට රැගෙන ඒම,අපරාධ සිදුකර පලායන්නන් හසුකරගැනීම වෙනුවෙන් හදිසි ආරක්ෂණ සැලසුම් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් නිලධාරීන් පුහුණු කර සූදානම් කර තැබීම, සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ සම්බන්ධතා පවත්වන දුෂිත නිලධාරීන් හඳුනාගැනීම සහ ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම ඇතුළු ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙන බව අමාත්‍යවරයා පැහැදිලි කළේය.

මේ අතර නීතිපති දෙපාර්තමේන්තුව හරහා සිදුකරන ක්‍රියාවලියද සක්‍රීය කිරීමට කටයුතු යොදා තිබේ.

එමෙන්ම සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය මර්දනය වෙනුවෙන් රටම එකට මෙහෙයුමද දෛනිකව ක්‍රියාත්මක වෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top