/ Nov 13, 2025

V8 එකෙන් කැබ් එකට ගියා කියන්නේ අපි රටක් විදිහට පස්සට ගිහින් – නාමල්

ජාතික ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන හමුදාවට අලුත් වාහන දෙන්න බැරි වූ ආණ්ඩුව ඔවුන්ගේ අවශ්‍යතාව අනුව වාහන ගෙන්වීමට තීරණය කර තිබෙන අතර කෙසේවෙතත් V8 වලින් කැබ් වලට මාරු වීමම රට ආපස්සට යමක් පෙන්නුම් කරන්නේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

දැන් ඇත්තේ කැබ් සංස්කෘතිය බවත් එමඟින් රටක් ලෙස අඩි 10ක් පස්සට ගොස් ඇති බවත් ඔහු සඳහන් කරයි.

ඒ අනුව මේ ආණ්ඩුව කරන්නේ බොරු කියන එක බවට දන ජ්කනතව තේරුම් ගෙන සිටින බවත් අයවැය තුළින් රැවටුණේ ජනතාව නොව ආණ්ඩුවේ 159 බව ද නාමල් රාජපක්ෂ කියාසිටියි.

මේ අතර එළඹෙන 21 වැනිදා විපක්ෂයේ විරෝධය සම්බන්ධයෙන්ද නාමල් රාජපක්ෂ මහතා අදහස දක්වා සිටියි.

”අපි ලග කන්ටේනර් ගෙනාපු අය නෑ. ඉඩම් මංකොල්ල කාපු අය නෑ. ලූණු ආනයනය කරපු අය නෑ. හාල් ගෙන්නපු අය නෑ. විසි එක්වෙනිදා වේදිකාවට මේ අය කවුරුත් නැහැ”

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මෙම අදහස් දක්වා සිටියේ 21 වැනිදා පැවැත්වීමට නියමිත මහජන රැළිය සම්බන්ධයෙන් ඊයේ (10) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ කොළඹදී පැවති සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top