ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉල්ලකය දළ දේශීය නිෂ්පාදිතයෙන් 15%ක රාජ්‍ය ආදායමක් වුවත් රජය 15.9%ක බදු ගසා මහා භාණ්ඩාගාරය පුරවා ගෙන ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේය.
විපක්ෂ නායකයා මේ බව පැවසුවේ අද (11) අයවැය දෙවනවර කියවීමේ විවාදයට එක්වෙමිනි.
එහිදී ඔහු තවදුරටත් පැවසුවේ මෙලෙස ඇති තරම බදු ගසා මහා භාණ්ඩාගාරය පිරවීම පෙරපාසල් ළමයෙකුට වුවද කළ හැකි වාදක බවයි.
ඒ අනුව බදු සූරාකෑමක් සිදුව ඇති බව ඔහු කියාසිටියේය.
”රාජ්‍ය අදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට IMF එක දීලා තියෙන ටාගට් එක 15%යි. ආණ්ඩුව බදු ගහල ආදායම වැඩිකරගෙන තියෙනවා 15.9%ක්. දශම 9ක් වැඩිපුර බදු ගහල තියෙනවා. ගහපු බදුවල මුළු වටිනාකම රු බිලියන 287ක්. අනවශ්‍ය විදිහට බදු ගහල. අහන්න දෙයක් නැහැනේ. අනවශ්‍ය විදිහට බදු ගහල භාණ්ඩාගාරයේ සල්ලි ඕන තරම් පුරවන්න පුළුවන්. එතකොට කියන්න පුළුවන් සල්ලි ඉතිරෙනවයි කියල. ඕක ඕන පුද්ගලයෙකුට කරන්න පුළුවන් දෙයක්. පෙර පාසල් ළමයෙකුටත් කරන්න පුළුවන්. ගහන්න පුළුවන් බදු ටික ඔක්කොම ගහල අත්පුඩි ගහන්න පුළුවන් භාණ්ඩාගාරයේ සල්ලි ඔක්කොම එක්කහු වෙලා කියල.” යනුවෙන් විපක්ෂ නායකයා සඳහන් කරන ලදී.





