සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ලොකු පැටීගේ’ ගෝලයන් දෙදෙනෙකු ජාවාරම් මුදල් ලක්ෂ 26ක්, හෙරොයින් මත්කුඩු තොගයක්, යතුරුපැදියක් සහ ජංගම දුරකථන 2ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
අලුත්ගම පොලීසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර සැකකරුවන් ඌරගස්මන්හන්දිය සහ ඉඳුරුව ප්‍රදේශයේ පදිංචි 24 සහ 27 හැවිරිදි තරුණයින් දෙදෙනෙක් බව සඳහන්.
සැකකරුවන් ඊසිකෑෂ් ක්‍රමයට මත්කුඩු ජාවාරමේ නිරතව සිටින බවට මෙතෙක් සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය තිබෙන බවයි පොලීසිය පවසන්නේ.
සැකකරුවන් කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිත අතර වැඩිදුර විමර්ශන අලුත්ගම පොලීසිය විසින් පවත්වනු ලබයි.
මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ මැඩලීමේ දීපව්‍යාප්ත මෙහෙයුමට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.





