/ Nov 19, 2026

රාජ්‍ය අදායමෙන් ණය පොළී ගෙවීමේ ප්‍රතිශතයේ අඩු වීමක්!

2022 වසරට සාපේක්ෂව 2026 වසර වන විට රාජ්‍ය ආදායමෙන් ණය පොලී ගෙවීම සඳහා වැයවන ප්‍රතිශතය කැපී පෙනෙන ලෙස පහළ ගොස් ඇති සංඛ්‍යා ලේඛන මඟින් තහවුරු කර තිබේ.

ඒ අනුව 2022 වසරේදී රජයේ සමස්ත ආදායමෙන් සියයට 79.1ක් ණය පොලී ගෙවීම සඳහා වැය වී තිබේ.

2023 වසරේදී එම ප්‍රතිශතය සියයට 80.5ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, 2024 වසරේදී එය සියයට 66.7ක් දක්වා පහළ ගොස් ඇති බවයි දැක්වෙන්නේ.

2025 වසර සඳහා වන තාවකාලික සංඛ්‍යාලේඛන අනුව රාජ්‍ය ආදායමෙන් ණය පොලී ගෙවීමට වැයවන ප්‍රතිශතය සියයට 45.9ක් දක්වා අඩු වී තිබේ.

2026 වසර සඳහා වන සංශෝධිත ඇස්තමේන්තුවලට අනුව එම ප්‍රතිශතය තවදුරටත් අඩු වී සියයට 44ක් ලෙස දැක්වෙයි.

2022 වසරේ රුපියල් බිලියන 1,979.2ක් වූ රාජ්‍ය ආදායම 2026 වසරේදී රුපියල් බිලියන 5,951ක් දක්වා ඉහළ යනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත.

එමෙන්ම ණය පොලී වියදම 2022 වසරේ රුපියල් බිලියන 1,565.2 සිට 2026 වසරේදී රුපියල් බිලියන 2,617ක් දක්වා ඉහළ ගොස් ඇතත්, සමස්ත රාජ්‍ය ආදායමට සාපේක්ෂව එහි බර අඩු වී තිබීම විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top