/ Nov 13, 2025

ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට ත්‍රස්ත ප්‍රහාර මාලාවක් ගැන තොරතුරු අනාවරණය වෙයි!

එළඹෙන දෙසැම්බර් 06 වැනිදා ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ප්‍රහාර මාලාවක් සිදුකිරීමේ සැලසුමක් ගැන එරට ආරක්ෂක අංශ තොරතුරු අනාවරණය කරගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

රතු බලකොටුව අසල පසුගිය 10 වැනිදා සිදුවූ පිපිරීමෙන් පසු අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී එම තොරතුරු අනවරණය කරගෙන ඇති බව සඳහන්.

ඒ අනුව එළඹෙන 06 වැනිදා නවදිල්ලි අගනුවර ස්ථාන හයක එම පිපුරුවා හැරීම් සිදුකිරීමට සැලසුම් කර තිබී ඇත.

1992 වසරේ දී ඇතිවූ ආගමික කැරැල්ලක් අතරතුර අයෝධ්‍යා හි ඉදිකර තිබූ බාබ්රී මුස්ලිම් දේවස්ථානය විනාශ කර දැමීමේ සංවත්සරය එළැඹෙන දෙසැම්බර් හයවැනි දිනට යෙදී ඇති අතර ඊට සමගාමීව බාබ්රී මුස්ලිම් දේවස්ථානය විනාශ කර දැමීමේ පළිගැනීමක් ලෙස නවදිල්ලි අගනුවර ස්ථාන හයකදී මෙම පිපිරීම් සිදුකිරීමේ සැලසුම් කර ඇති බවට අනාවරණය කරගෙන තිබේ.

මෙම සියලු පුපුරුවා හැරීම් සැලසුම්කර ඇත්තේ ‘ජයිෂ් ඊ මොහම්මද්’ නම් ඉස්ලාම් අන්තවාදී කණ්ඩායි.

කෙසේවෙතත් රතු බලකොටුව අසල පිපිරීමෙන් පසු ගතවූ දින තුනක කාලය තුළ ඉන්දීය පොලීසිය කාශ්මීරයේ සිදුකළ වැටලීම්වලින් 500කට ආසන්න පිරිසක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

රතු බලකොටුව අසල පිපිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ෆරිදාබාද්හි අල් ෆලා විශ්ව විද්‍යාලයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරු තිදෙනෙක් අත්අඩංගුවට ගෙන සිටින අතර උක්ත පුපුරුවා ගැනීම සිදුකර තිබුණේද එම විශ්ව විද්‍යාලයේම සේවය කරමින් සිටි වෛද්‍යවරයෙක් විසිනි. ඔහු ආචාර්ය උමාර් මොහොමඩ් නොහොත් උමාර් උන්-නබි ලෙස හදුනා ගෙන ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top