/ Sep 30, 2026

අධිකරණයට අපහාස කිරීම : දිලිත්ට වැඩ වරදින ලකුණු!

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධ විමර්ශන යටතේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීමට එරෙහිව 2026 ජූලි මාසයේ පැවැති සත්‍යග්‍රහයක් අතරතුර සහ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී අධිකරණ ක්‍රියාවලිය විවේචනය කරමින් දිලිත් ජයවීර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කළ ප්‍රකාශ මගින් බැලූ බැල්මට අධිකරණයට අපහාසයක් සිදුව ඇති බව නිගමනය කරමින්, කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් 2024 අංක 8 දරන අධිකරණයට අපහාස කිරීම වැළැක්වීමේ පනත යටතේ ඉදිරි නීතිමය පියවර සඳහා මෙම කරුණු අභියාචනාධිකරණය වෙත වාර්තා කිරීමට නියෝග කරන ලදී.

කොටුව මහේස්ත්‍රාත්වරයාගේ මෙම නිගමනය සහ පැමිණිල්ල බලරහිත කරන ලෙස (හෝ අත්හිටුවන ලෙස) ඉල්ලා දිලිත් ජයවීර මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කළ අතර එය විභාගයට නොගෙනම ඉවත දැමීමට ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් තීන්දු කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top