/ Sep 30, 2026

රනිල්ට එරෙහි රාජ්‍ය මුදල් අවභාවිත කිරීම:නඩු විභාගය වෙනුවෙන් රනිල් අධිකරණය හමුවට!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට එරෙහිව පොදු දේපොළ පනත යටතේ ගොනුකර ඇති නඩුව අද (30) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවීමට නියමිත අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබේ.

රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට සැකපිට අදාළ නඩුව ගොනුකර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන අවසන් කර ඊට අදාළ උද්ධෘත නීතිපතිවරයා වෙත යොමුකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර අධිකරණයට දැනුම් දෙන ලදී.

ඒ අනුව නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම් දීම සඳහා නඩුව අද කැඳවීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කර ඇත.

2023 වසරේ බ්‍රිතාන්‍යයේ පැවති වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි වීම සඳහා සිදු කළ පෞද්ගලික සංචාරයකදී රුපියල් ලක්ෂ 166කට අධික රාජ්‍ය මුදලක් වැය කිරීම එල්ල්ස් වී ඇති චෝදනාවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top