/ Nov 15, 2025

16 හැවිරිදි දැරියකට වූ අපරාධය – ප්‍රේම සම්බන්ධයක් ඝාතනයකින් කෙළවර වෙයි.

ප්‍රේම සම්බන්ධයක් ඝාතනයකින් කෙළවර වී ඇති අවාසනාවන්ත පුවතක් ගම්පොළ මිල්ලගහමුල, පන්විලතැන්න ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

ගම්පොල පොලිස් වසමේ මිල්ලගහමුල, පන්විලතැන්න ප්‍රදේශයේ නිවසක සිටි දැරියකට පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී ඊයේ (14) රාත්‍රියේ ඝාතනය කර ඇත.

මෙලෙස ඝාතනය වී ඇත්තේ වයස අවුරුදු 16 ක් දැරියක් වන අතර ප්‍රේම සම්බන්ධතාවක් හේතුවෙන් ඇති වූ ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. .

සැකකරු හදුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ගම්පොල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top