/ Nov 17, 2025

ආණ්ඩුවට එකතු වෙන්නෙත් නෑ. 21 වැඩේට යන්නෙත් නෑ.මගේ ආශිර්වාදය තියෙන්නේ ආණ්ඩුවට!

වත්මන් ආණ්ඩුව යන ගමන ගැන සතුටු වන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා.

ආර්ථිකය සම්බන්ධව විශාල වෙනසක් දැකිය නොහැකි වුවත්, දූෂණයට එරෙහිව ආණ්ඩුවේ ප්‍රතිපත්ති හා වැඩ කටයුතු නිසාත්, දූෂිතයන් ආරක්ෂා නොකරන හෙයින් ආණ්ඩුව ගැන සතුටු වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි.

21 වැනිදා විපක්ෂය පවත්වන රැළියට තමා කිසිසේත් සහභාගි නොවන අතර විපක්ෂයේ සිටින දේශපාලන පක්ෂ සමග තමා අවුරුදු 15 ක් සමීපව දේශපාලන කටයුතු සිදු කළ බවද, ඔවුන් ගැන තමාට අවබෝධයක් ඇති බවත් ඔවුන් කිසිවෙක් රටට යහපතක් සිදු නොකළ බවයි ෆීල්ඩ් මාෂල් පවසන්නේ.

21 වැනිදා රැස්වීම සංවිධානය කර ඇත්තේ ර‍ට ආපස්සට ඇද දැමීමට වගකිව යුතු පාර්ශ්ව විසින් බවද ඔහු සඳහන් කරයි.

ඔවුන් වසර 75 ක්ම රට ඉදිරියට යාමට ඉඩ නොදුන් බවත්, ඔවුන් දැන් පවසන දේවල් නිසා ‘ජනතාව ගොනාට ඇන්දොත්’ නැවත ජනතාවට හොඳක් සිදු වේ යැයි තමා නොසිතන බවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

ඔවුන් දේශපාලනය සිදු කළේ ‘ඔවුන් වෙනුවෙන්’ බවද, මුදල් හා දේපළ ගොඩගසා ගැනීම හා සැප සම්පත් භුක්ති විඳීම පිළිබද දේශපාලනයක් ඔවුන්ට අවශ්‍ය බවද නමුත් වර්තමාන රජය එම ස්ථාවරයේ නොමැති බවද ඔහු කියාසිටියි.

තමා කෙදිනකවත් වර්තමාන ආණ්ඩුව හා එක් නොවන නමුත් තමා ආණ්ඩුවේ ගමනට ආශිර්වාද කරන බවෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වැඩිදුරටත් පවසයි.

1 thought on “ආණ්ඩුවට එකතු වෙන්නෙත් නෑ. 21 වැඩේට යන්නෙත් නෑ.මගේ ආශිර්වාදය තියෙන්නේ ආණ්ඩුවට!”

  1. නන්දසිරි බාලසුරිය

    මේ තේරුම් ගත්දේ මෙතුමා මුලින්ම තේරුම් ගත්තානම් එතුමා කරනලද ශ්‍රේෂ්ඨ සේවයත් සමග දැවැන්ත දේශපාලන ගමනක් යන්න තිබුනා. කෙසේ වෙතත් සත්‍ය කතාකරන කාටත් ජනතා ගව්ර්වය හිමිවෙයි. මෙතුමා දිවිහිමියෙන් රැකගත් ඒකීය රාජ්‍ය තවදුරටත් රැකගැනීමට නොකඩවා ඉදිරිපත්විම ජනතා බලාපොරොත්තුවයි !

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top