වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ කිතුල්කොටේ ප්‍රදේශයේ දී වාහන තුනක් එකිනෙක ගැටීමෙන් අද (17) පෙරවරුවේ අනතුරක් සිදුව තිබේ.
බස් රථයක්, වෑන් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටී එම අනතුර සිදුව ඇති අතර අනතුරින් කිසිවෙකුටත් බරපතළ හානියක් සිදු වී නොමැති අතර රථ වාහනවලට දැඩි හානි සිදු වී ඇති බව වාර්තා වෙයි.
අනතුර සම්බන්ධයෙන් තණමල්විල පොලිස් මූලස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරයි.





