මේ වන විට ජනතාව විකල්පයක් අපේක්ෂා කළත් එම විකල්පය නැතිව ජනතා අපේක්ෂා සුනුවිසුණු වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
ක්ලීන් ශ්‍රී ලංකා කියා වැඩපිළිවෙළට කෝටි ප්‍රකෝටි ගණන් මුදල් වෙන් කර ඇති මොහොතක දුප්පත්කම වැඩි වී ඇති බවත් මේ වන විට රජයට දුප්පත්කම ගැන හරිහමන් අදහසක්වත් නොමැති බවත් විපක්ෂ නායකයා සඳහන් කරයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (17) මාතර දිස්ත්‍රික් සමගි ජන බලවේග පළාත් පාලන සංසදය සමග පැවැති හමුවකදීය.
ක්ලීන් ශ්‍රී ලංකා කියා තමන්ගෙ හිතමිතුරන්ට මහා භාණ්ඩාගාරය හිස් කරන්න අවස්ථාව දී ඇති අතර මේ වන විට රටේ මන්ද පෝෂණය වැඩි වී නිරක්තිය රක්ත හීනතාව පවා වැඩි වී ඇති බව හෙතෙම තවදුරටත් කියාසිටියි.
ඊට හේතුව දුප්පත්කම බවත් මේ අයට ඇති එකම විසදුම ව්‍යවස්ථාපිත ඒකාධිපති වාදයක් ඇති කිරීම බවත් ඔහු කියාසිටියි.
සිවිල් ආරක්ෂක කමිටුවට මරනාධාර සමිතියට තරුණ සමිතිවලට පවා ආණ්ඩුව බලපෑම් කරන බවත් මේ සියලු දේ කරන්නේ පැලවත්තෙන් කියා හිරිකිතයක් නැතිව පිළිගත් බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් ප්‍රකාශ කරයි.





