/ Nov 18, 2025

චිත්‍රා කුමාරි කළුබෝවිල හඬ නිහඬ වෙයි

මෙරට ප්‍රකට ප්‍රවීණ ගුවන්විදුලි සන්නිවේදිකාවක් වූ චිත්‍රා කුමාරි කළුබෝවිල අභාවප්‍රාප්ත වූ බවට වාර්තා වේ.

1979 වසරේ සහන නිවේදිකාවක් ලෙසින් ගුවන් විදුලියට එක්වූ ඇය පිට පිට තෙවරක්ම හොඳම නිවේදිකාව ලෙස රාජ්‍ය සම්මාන දිනාගත්තාය.

පසුව ඇය වෙළඳ සේවයේ අධ්‍යක්ෂිකාව ලෙසින්ද කටයුතු කළාය. දරුවන් දෙදෙනෙකුගේ මවක වන ඇය පසුගිය සමයේ රෝගී වී මුල්ලේරියාව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියාය.

අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top