පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකරන ලද විමර්ශනයක් අවසන් කර ඒ බව අද (18) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව අදාළ පැමිණිල්ල එළඹෙන ජනවාරි 20 වැනිදා කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම නියෝග කරන ලදී.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට එල්ල වී ඇති චෝදනාව වන්නේ 2016 වසරේ ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් එම පළාතේ පෙර පාසල් දරුවන්ට පාසල් බෑග් ලබාදීම සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් අනුග්‍රහයක් ඉල්ලා එම බැංකුව එය ප්‍රතික්ෂේප කළ පසු අදාළ පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් 06 ක් කල් පිරීමට පෙර ඉවත් කිරීම තුළින් අදාළ පළාත් සභාවට රුපියල් ලක්ෂ 173කට අධික පාඩුවක් සිදුකිරීමයි.
මෙම සිද්ධියට අදාළව ඔහුට රක්ෂිත බන්ධනාගාර ගතවීමටද සිදුවූ අතර ඇප මත නිදහස්ව සිටියි.





