එළැඹෙන 21 වැනිදා විපක්ෂයේ කණ්ඩායම් කිහිපයක් එක්ව සංවිධානය කරන නුගේගොඩ රැළියට තමන්ද සහභාගී වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (18) දිනට දී තිබුණු ඔහුගේ 80 වැනි ජන්ම දිනයට ආශිර්වාද ලබා ගැනීම සඳහා මහනුවර දළඳා මාලිගාවට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එදිනට නුගේගොඩට විශාල ජනතාවක් පැමිණෙනු ඇති බවයි ඔහු පැවසුවේ.





