/ Dec 06, 2025

ධීවරයින්ටත් විශ්‍රාම වැටුපක්!

ධීවර ප්‍රජාව වෙත විශ්‍රාම වැටුපක් හඳුන්වා දීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය කටයුතු කර තිබේ.

2025 ලෝක ධීවර දින සැමරුම වෙනුවෙන් කොළඹ නෙළුම් කුලුණ පරිශ්‍රයේ පැවැත්වෙන ප්‍රදර්ශනය හා සමගාමීව මෙහි සමාරම්භක උත්සවය මේ මස 21 වැනි දින අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් මෙය හදුන්වා දීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංහආරච්චි මහතා පැවසුවේ රක්ෂණය සමඟ එක්වන ධීවර ප්‍රජාවට වයස අවුරුදු 60න් පසු එම ප්‍රතිලාභ හිමිවන බවයි.

විශ්‍රාම වැටුප් වයස අවුරුදු 60න් පසුව එළැඹෙන එක් එක් වයස් සීමාවලදී වැඩිවීමද මෙම ධීවර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිලාභියාට හිමිවෙයි.

කිසියම් හේතුවක් මත දායකයාට සම්පූර්ණ දායක මුදල් ගෙවීමට නොහැකිව, ගෙවා ඇති දායක මුදල 25%ක් හා 74%ක් අතර වන අවස්ථාවලදී දායක මුදල් ගෙවීමේ කාලය අවසන් වූ විට ශුද්ධ දායක මුදල් ප්‍රමාණය මත මණ්ඩලය විසින් තීරණය කරනු ලබන පොලී මුදලක් සමග අදාළ මුදල නැවත දායකයාට ලබාගැනීමට හා විශ්‍රාම වැටුප් ලබා ගැනීමට පෙර ස්ථිර/අර්ධ බෙලහීනතාවයකට පත්වූ විට මෙම යෝජනා ක්‍රමය මඟින් බෙලහීන ප්‍රතිලාභ ලබා ගැනීමටද මෙම යෝජනා ක්‍රමයට දායක වන ධීවරයින්ට අවස්ථාව සලසාදී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top