විපක්ෂයේ පක්ෂ කිහිපයක් එක්ව වත්මන් ආණ්ඩුවට එරෙහිව සංවිධානය කර තිබෙන ”මහා ජන හඬ” රැළිය සඳහා මේ වන විට නුගේගොඩ ආනන්ද සමාකොන් එළිමහන් රංග පීඨය මේ වන විට සුදානම් කර තිබේ.
වංචනික මාලිමා ආණ්ඩුවේ මුග්ධ පාලනයට එරෙහිව මහා ජන හඬ ලෙස එය නම් කර ඇත.
කෙසේවෙතත් පසුගිය ජනාධිපතිවරණයෙන් හා මහමැතිවරණයෙන් පරාජයට පත්වූ විපක්ෂ නියෝජිතයින් රැසක් එම ස්ථානයට පැමිණ සිටින ආකාරය දැකගත හැකියි.
ඒ අනුව විපක්ෂය පක්ෂය නියෝජනය කරමින් මහින්ද අමරවීර, දුමින්ද දිසානායක,නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා,ලසන්ත අලගියවන්න,වජිර අබේවර්ධන,සාගල රත්නායක, විජයදාස රාජපක්ෂ, රාජිත සේනාරත්න, ප්‍රසන්න රණතුංග,ටිරාන් අලස්,මහාචාර්ය ජී. එල්. පීරිස්, උදය ගම්මන්පිල, සරත් වීරසේකර ඇතුළු විපක්ෂ දේශපාලඥයින් එම ස්ථානයේ රැඳී සිටිති.
පස්වරු 03.00ට රැළිය ආරම්භ කිරීමට නියමිත අතර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට බාධාවක් ඇති නොවන ලෙසට ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරන ලෙසද පොලීසිය අදාළ සංවිධායකයින්ට දැනුම් දී තිබේ.










