අධික වර්ෂාවත් සමග අද (22) පෙරවරුවේ මහනුවර, පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයේ නුවර-කොළඹ ප්‍රධාන මාර්ගය අසල පිහිටි වෙළඳසැලක් මතට පස් කඳු කඩා වැටීමක් සිදුව තිබේ.
මෙම අනතුරින් එම වෙළඳසැලෙහි සිටි තිදෙනෙකු තුවාල ලබා මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර තවත් කිහිප දෙනෙකු සුන්බුන් තුළ සිරවී සිටින බවට වාර්තා වෙයි.
සුන්බුන් අතර සිරවී සිටින අය මුදාගැනීමේ කටයුතු සිදුවන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කර ඇත.
මෙම පස් කඳු කඩා වැටීම හේතුවෙන් ගනේතැන්න ප්‍රදේශයෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ එක් කොටසක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.





