පවතින අධික වර්ෂාපතනයත් සමඟ මේ වනවිට සුළු භූමි අස්ථාවරතා සිදුවීම් 35ක් පමණ වාර්තා වී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
එම සිදුවීම් සුළු මට්ටමේ ඒවා වුවද, පවතින වර්ෂාපතනය හමුවේ ඒවා වර්ධනය වීමේ හැකියාවක් පවතින බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ.
මේ අතර පසුගිය දින තුන තුළ වර්ෂාපතනය මිලිමීටර් 300 ඉක්මවා ඇති බවත්, මෙම වර්ෂාපතන තීව්‍රතාව තවදුරටත් පැවතියහොත් නායයෑම්, ගල් පෙරළීම්, ගිලා බැසීම් සහ කණ්ඩි කඩා වැටීම් වැනි භූමි අස්ථාවරතා ඇතිවීමේ අවදානමක් පවතින බව ද ඔවුන් පෙන්වා දෙයි.
පවතින තත්ත්වය යටතේ මේ වනවිට නායයෑම් අවදානම් සහිත දිස්ත්‍රික්ක 14ක් පවතින අතර, ඉන් දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑම් රතු නිවේදන නිකුත් කර තිබේ.
එමෙන්ම පවතින වර්ෂා සහිත කාලගුණය හේතුවෙන් කළු ගඟ ද්‍රෝණියේ සහ ගිං ගඟ ද්‍රෝණියේ ගංවතුර අවදානම් නිවේදන නිකුත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
ඒ අනුව ඊට අදාළව පියවර ගන්න ලෙස ආපදා කළමනාකරණ අංශ වලින් ඉල්ලා ඇත.






