/ Dec 06, 2025

රාවණා ගලට ලංසුව කෝටි 3000ක් : විකුණන්න යද්දී අල්ලයි

රාවණා රජු විසින් බලය කවා ඇතැයි ජනප්‍රවාදයේ පැවසෙන රාවණා ගල යනුවෙන් හැඳින්වෙන ගලක් විකිණීමට යද්දී එය මිලට ගැනීමට පැමිණි ඉන්දීය ජාතිකයා ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඕවලාකාර හැඩැති තද පාෂාණයක් වන මෙය නිල් පැහැති වේ. ගෝනුස්සෙකුගේ රුවක් කොටා ඇති අතර එය ඉපැරණි නිධානයකින් ගත් බවට සැක කෙරේ.

මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්‍යාංශය වෙත ලද තොරතුරක් අනුව අඩම්පන් පොලිස් වසමේ වට්ටකණ්ඩාල්හිදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය පවසන්නේ ලක්ෂ 3000කට මිල නියම කර තිබුණද ගනුදෙනුව කෝටි 50කට තීන්දු වී තිබුණ බවයි.

වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි .

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top