ගලක් කඩා වැටීම නිසා පසුගිය දා අවහිර වූ කොළඹ -නුවර පාරේ පහළ කඩුගන්නාව කොටස වාහන ගමනාගමනය සඳහා විවෘත කර තිබේ. එහෙත් ඒ එක් මංතීරුවකි.
පහළ කඩුගන්නාවේ ගනේතැන්න පෙදෙසේදී විශාල ගලක් පෙරළී ඒම නිසා ආපනශාලාවක් සහිත ගොඩනැගිල්ලක් යටවී සය දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර මාර්ගය වැසී ගියේය. ඒ නිසාවෙන් කොළඹ – නුවර පාර සම්පූර්ණයෙන් අවහිර විය.
මාර්ගය විවෘත කළද ප්‍රවේසම්සහිතව ධාවනයේ යෙදෙන ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලීමක් කරති.





