/ Dec 06, 2025

සජිත්ගෙන් අපිට වැඩක් නෑ.විපක්ෂෙ වැඩේ කරන්න නාමල් ඇති!

විපක්ෂ නායක පුටුව විසින් විපක්ෂයේ කාර්ය නිසි පරිදි ඉටු නොවන නිසා නාමල් රාජපක්ෂගේ ආරාධනයෙන් පසුගිය 21 වැනිදා නුගේගොඩට විශාල ජනතාවක් පැමිණි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ පැවසුවේය.

සජිත් ප්‍රේමදාස, ඔහුගේ දේශපාලන කර්තව්‍ය කරගෙන යන අතර ඔහුගේ විපක්ෂ නායක පුටුව නාමල් රාජපක්ෂට අවශ්‍ය නැති බවත් එවැනි පුටුවලට රෙජිස්ටර් වූ අයට ඒවා තබා ගැනීමේ ප්‍රශ්නයක් නැති නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස කටයුතු කරන්නේ නාමල් රාජපක්ෂ රටේ නායකයා බවට පත් කිරීම බව ඔහු සඳහන් කළේය.

විපක්ෂ නායකකම නැතත් විපක්ෂයේ කාර්ය නාමල් රාජපක්ෂට තනිවම වුවද කළ හැකි බවයි ඔහු පැවසුවේ.

”අපිට විපක්ෂ නායකකම ඕනේ නෑ. විපක්ෂේ කාර්යභාරය නාමල්ට කරන්න පුළුවන්. කොන්ද කෙලින් තියාගෙන වැඩකරන්න පුළුවන් නායකයෙක් ඕනේ. ඔය පුටුවට මුලින්ම කප් ගැහුවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. දෙවෙනියට සජිත්. අපිට ඒක ඕනේ නෑ. අපිට ගන්න ඕනේ පුටුව ඕක නෙවෙයි. රෙජිටර් වෙච්චා අය ඔය පුටුව තියාගත්තු දෙන්. අපි අපේ වැඩේ කරනවා.. අපිට පේන්නේ සජිත් හැමදාම විපක්ෂ නායක පුටුවේ ඉන්න ආස බවක්” යනුවෙන් හිටපු මන්ත්‍රීවරයා තවදුරටත් ප්‍රකාශ කරන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top