දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදා මරණ 69ක් වාර්තා වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එමෙන්ම ආපදා හේතුවෙන් පුද්ගලයින් 34 දෙනෙකු අතුරුදන්ව ඇති අතර, පවුල් 61,175කට අයත් පුද්ගලයින් 21,9282ක් ආපදාවට ලක්ව ඇති බව ඔවුන් සඳහන් කරයි.
පීඩාවට පත්වූ පවුල් 5,890කට අයත් පුද්ගලයින් 18,443 දෙනෙකු තාවකාලික සුරක්ෂිත මධ්‍යස්ථාන 266ක් වෙත යොමු කර ඇති බව සඳහන්.
මේ වනවිටත් විපතට පත්වූවන් වෙත සහන සැලසීම මෙන්ම අතුරුදහන් වූවන් සෙවීමේ කටයුතු මෙන්ම ගං වතුරට මැදිව සියින පිරිස් මුදාගැනීමේ මෙහෙයුම්ද ක්‍රියාත්මක කර තිබේ.
දිවයිනම ආපදාවට මුහුණ දී සිටින අතර මෙම අයහපත් කාලගුණය එළඹෙන 30 වැනිදා තෙකල පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළකර තිබේ.
අද (28) පස්වරු 06.00 වන විට සමස්ත ආපදා තත්ත්වය පිළිබඳ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කර තිබෙන සවිස්තරාත්මක වාර්තාව පහතින් දැක්වෙයි.





