/ Dec 06, 2025

මොහොතක්වත් පමා එපා, වහා ඉවත් වෙන්න : කැළණි ගඟ දෙපස ජනයාට කියති

කැළණි ගඟේ මහගංවතුර අවදානම තවත් ඉහළ යමින් තිබෙන බැවින් ගඟ දෙපස තවදුරටත් රැඳී සිටින්නේ නම් එම ජනතාවට වහා ඉවත් වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දන්වා සිටී.

ඒ අතර කැළණි, මහවැලි, අත්තනගලු, මහඔය, මැණික්, දැදුරු යන ගංගා සහ ඔයවල ජල මට්ටම් අධිඅවදානම් ගංවතුර මට්ටම ඉක්මවා ගොස් ඇතැයි වාර්තා වේ. සහන සේවා ක්‍රියාත්මක අතර ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ද සෞඛ්‍ය අංශද නිරන්තර කටයුතුවල යෙදී සිටිති. බලධාරීන්ගේ නිවේදන අනුව කටයුතු කරමින් ජීවිත අවදානම අවම කරගන්නා ලෙස සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top