අනුරාධපුර – පුත්තලම මාර්ගයේ කලා ඔය පාලම මත සැඩ පහරට හසුවූ බස් රථයේ සිට පසුව වහලක් මතට නැඟ සිටි පිරිසෙන් පුද්ගලයින් 34 දෙනෙකු මේ වනවිට මුදාගෙන තිබේ.
ඔවුන් මේ වනවිට නොච්චියාගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙන බව සඳහන්.
නාවික හමුදාවේ මැදිහත්වීමෙන් එම මුදාගැනීමේ කටයුතු ක්‍රියාත්මක කර තිබෙන අතර තවදුරටත් එය ක්‍රියාත්මක බවද වාර්තා වෙයි.











