/ Dec 06, 2025

මහ ඔය ද්‍රෝණියට මහ ගංවතුර අවධානමක් – රතු නිවේදන නිකුත් කරයි

මහ ඔය ද්‍රෝණිය සඳහා ඉදිරි පැය 24 තුළ අධි අවදානම් ගංවතුර ඇඟවීමක් නිකුත් කර තිබේ.

මහ ඔය ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට පසුගිය පැය 24ක කාලය තුළ දැඩි වර්ෂාපතනයක් වාර්තා වී ඇති අතර මෙම තත්ත්වය හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් මහ ඔය නිම්නයේ පහත්බිම්වලට මෑත ඉතිහාසයේ ඇති නොවුණු මට්ටමේ අධි අවදානම් ගංවතුරක් ඇති විය හැකි බවට පුරෝකථනය කර ඇත.

එම නිසා ජනතාව හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථානයන් කරා ළඟ වෙන ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී සිටින්නේ.

දැනට පවතින තත්ත්වය අනුව ගිරිඋල්ල සහ බඩල්ගම මිනුම් මධ්‍යස්ථානවලට අති දැවැන්ත ජල මට්ටමකට ළඟා වී තිබෙන අතර දිවුලපිටිය, අලව්ව, කටාන, මීරිගම, දංකොටුව, පන්නල, නාරම්මල, මීගමුව හා වෙන්නප්පු යන ප්‍රදේශවල පහත්බිම් යටවීමේ අවදානමක් පවතියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top