ඉන්දීය ගුවන් හමුදාවේ (IAF) MI-17V5 හෙලිකොප්ටර් යානා දෙකක් අද(29) දින සවස ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
ඒ, ශ්‍රී ලංකාව තුළ පවතින ආපදා තත්ත්ව පිලිබඳ අඛණ්ඩ සෝදිසි කිරීම් සහ මුදාගැනීමේ (SAR) මෙහෙයුම් සඳහා සහාය වීම වෙනුවෙනි.
මෙම ගුවන් යානය සහන සේවා සඳහා අත්‍යවශ්‍ය මානුෂීය ආධාර සහ ආපදා සහන ද්‍රව්‍ය සමඟ භට පිරිස් සාමාජිකයින් 22 දෙනෙකු පැමිණ තිබෙන බව සඳහන්.
මෙම හෙලිකොප්ටර් යානා දෙකෙහි නායකත්වය දරන ලද්දේ වින්ග් කමාන්ඩර් නාගේෂ් කුමාර් සහ වින්ග් කමාන්ඩර් මුකුල් මහජන් විසිනි.





