/ Dec 06, 2025

පෙදෙස් කිහිපයකට අදත් තද වැසි!

ශ්‍රී ලංකාවට දරුණු හානි ගෙන දුන් ගැඹුරු පීඩන අවපාතය, කන්කසන්තුරය සිට කිලෝමීටර් 300ක් ඊසාන දෙසින් කේන්ද්‍රගතවී තිබේ.

මෙම පද්ධතිය දිවයිනෙන් උතුරු දෙසට ගමන් කරමින් දුර්වල වෙමින් තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අතර, උතුරු, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top