පවතින ව්‍යසනය තුළ එය යොදාගෙන දේශපාලනය කිරීමේ කිසිදු බලාපොරොත්තුවක් නැති අතර මිනිසුන්ගේ දුක් කඳුළු, මරණ, ව්‍යසන මතින් දේශපාලනය කිරීමේ සම්ප්‍රදායක් හෝ එවැනි හැකියාවක් හෝ නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පැවසීය.
මේ මොහොතේ ජනතාව වෙනුවෙන් හැකි සියලු උපකාර කරන බවයි ඔහු සඳහන් කළේ.
”මේ ව්‍යසනයෙන් දේශපාලනය කරන්න උත්සහ කරන්නෙම නැහැ. පක්ෂයක් හැටියට අපිට පුළුවන් සියලු උදව් උපකාර කරනවා. හැබැයි අපි අඩුගානේ අපේ උදව් උපකාරවල බත් පැකට් එකකවත් පොහොටුව ලකුණක්වත් ගහලා නෙවෙයි අපි කළේ. මේ රටේ ජනතාව වෙනුවෙන් අපි එදත් කළා. අදත් කරනවා. හෙටත් කරනවා. කළ යුතු සියලු දේ කරනවා නමුත් මිනිසුන්ගේ දුක් කඳුළු මතින්, මරණ මතින් ව්‍යසන මතින් දේශපලනාය් කිරීමේ සම්ප්‍රදායක් එහෙම හැකියාවක්වත් අපිට නැහැ. අපි එහෙම හිතන්නෙවත් නැහැ. ඒ නිසා මෙය දේශපාලනය කිරීමට අවස්ථාවක් කරගන්නේ නැහැ.” යනුවෙන් ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.
නීතිඥ සාගර කාරියවසම් මෙම අදහස් පළකළේ අද (11) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.





