/ Dec 29, 2025

ජපානයේ ප්‍රබල භූ කම්පනයක් – සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරයි

ජපානයේ උතුරු පැසිෆික් වෙරළ තීරයේ ඇති වූ රික්ටර් මාපක 6.7 ක භූමිකම්පාවක් හේතුවෙන් ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය (JMA) සුනාමි අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.

ජපානයේ ප්‍රධාන දූපතේ උතුරු කෙළවරේ පිහිටි පළාතක් වන අමෝරි ප්‍රාන්තයේ වෙරළට ඔබ්බෙන් සිකුරාදා පෙ.ව. 11:44 ට පමණ මෙම භුමි කම්පාව සිදුව ඇති අතර එම කලාපයේ ම 7.5 භූ කම්පනයක් සිදු වී දින කිහිපයකට පසු මෙය සිදුව ඇත.

මීටර 1ක් (අඩි 3ක් පමණ) දක්වා උසකින් යුත් සුනාමි රළ ඇතිවීමේ අවදානමක් පවතින බවයි ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය (JMA) අනතුරු අඟවා තිබෙන්නේ.

එහි වෙරළ තීරයේ ප්‍රදේශ කිහිපයකින් 6,000 කට අධික පිරිසක් මේවන විට ඉවත්කර ඇති අතර භූමි කම්පාව “මුහුදු මට්ටමේ උච්චාවචනයන්” ඇති කළ නමුත් දැනට හානියක් පිළිබඳ කිසිදු සඳහනක් නොමැති අතර ජපානයේ න්‍යෂ්ටික නියාමන අධිකාරිය තහවුරු කර තිබුණේ, කලාපයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවල අසාමාන්‍යතා පිළිබඳ ක්ෂණික සලකුණු නොමැති බවයි.

ජපානය පැසිෆික් “ගිනි වළල්ලේ” බටහිර මායිම දිගේ ප්‍රධාන භූ කම්පන තහඩු හතරක් මත පිහිටා ඇති අතර එය ලෝකයේ වඩාත්ම භූ කම්පන ක්‍රියාකාරී රටවලින් එකකි

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top