දූෂණ චෝදනාවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායකගේ ඇප ඉල්ලීම කොළඹ මහේස්ත්රාත් අධිකරණය විසින් අද (20) ප්රතික්ෂේප කර තිබේ.
පොස්පේට් අපනයනය කිරීම සඳහා පෞද්ගලික සමාගම් තුනකට බලපත්ර ලබාදීමට රුපියල් ලක්ෂ 84 ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චාමර සම්පත් දසනායක මන්ත්රීවරයාට චෝදනා එල්ල වී තිබෙන අතර අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් එම විමර්ශන සිදුකානු ලබයි.





