සුළිකුණාටුවෙන් බිද වැටුණු මව්බිම යළි ගොඩ නැගීම සදහා ජාත්‍යන්තරයේ සහාය ලබා ගැනීමට ජාත්‍යන්තර ආධාර සමුළුවක් කැදවීමට රජයේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වෙයි.
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා එවැනි සූදානමක් පිළිබදව අනාවරණය කර ඇති බවද පුවත්පත වැඩිදුරටත් වාර්තා කර තිබෙන්නේ.
මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසනේ ආපදා හානිය පිළිබදව මේ වන විට ලෝක බැංකු නියෝජිතයන් විසින් තක්සේරු වාර්තාවක් සකස් කරමින් සිටින අතර එය අවසන් වූ වහාම ආධාර සමුළුව කැදවීමට අපේක්ෂා කරන බවයි.
සුළි කුණාටුව හේත-ුවෙන් ඩොලර් බිලියන 7-8 ත් අතර ප්‍රමාණයක අලාභයක් ලංකාවට සිදුව ඇතැයි දැනට පුරෝකථනය කර තිබේ.
ආපදා සහන වෙනුවෙන් මේ වන විට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලයක් ද ක්‍රියාත්මක අතර විදෙස් රටවලින්ද තවදුරටත් සහය ලැබෙමින් තිබේ.





