/ Dec 17, 2025

මේ මොහොතේ දේශපාලන චෝදනා එපා. මිනිස්සුන්ට සහන දෙන්න!

මේ මොහොතේ වැදගත් වන්නේ දේශපාලන චෝදනා නොව දිට්වා සුළි කුණාටුව නිසා විපතට පත් ජනතාවට සහන සැලසීම බව පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ පැවසූහ.

දේශපාලන චෝදනා එල්ල කිරීම මේ මොහොතේ සුදුසු කාරණයක් නොවන බවයි උන්වහන්සේ පැවසුවේ.

ආපදා වළක්වා ගැනීම ගැන කියමින් වැරදිකරුන්ව සෙවීමද මේ මොහොතේ ප්‍රධාන කරුණක් නොවන අතර ප්‍රථමයෙන් ජනතාව යථාතත්ත්වයට පත්කිරීම වැදගත් බව උන්වහන්සේ අවධාරණය කළහ.

උනහන්සේ මේ බව පැවසුවේ අද (16) භික්ෂූන් වහන්සේලා 250ක් කැළණිය රජමහා විහාරයේදී පැවැත්වූ සත්‍යග්‍රහයේදී අදහස් දක්වමිනි.

කාම්බෝජය සහ තායිලන්තය අතර ඇතිවී තිබෙන යුද්ධය නවතා දමන ලෙස ඉල්ලමින් එම සත්‍යග්‍රහය පැවැත්වූ අතර ඒ සදහා කාම්බෝජයේ කාශ්‍යප හිමි ප්‍රධාන භික්ෂූන් වහන්සේලාද 50ක් පමණ එක්වී සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top