/ Dec 17, 2025

ඩුප්ලිකේට් සෙව්වන්දිට බිස්කට් කවන්න ගිය සැරයන්ට වැඩ වරදියි!

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී ගනේමුල්ල සංජීව නමැති සංවිධානාත්මක අපරාධකරුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන දින 90 ක රැඳවුම් නියෝග මත රඳවා සිටින ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරිය සමඟ සමීප සබඳතා පැවැත්වා තිබූ දැනට රැඳවුම්භාරයේ සිටින නන්ද කුමාර් තක්ෂි නැමැති සැකකාරිය සමග සමීප සබඳතා පැවැත් වූ පොලිස් සැරයන්වරෙකුගේ වැඩ තහනම් කර තිබේ.

එම සැරයන්වරයා සැකකාරිය සමග එක බිස්කට් එක දෙකට කඩාගෙන කා හස්ත සංඥා මාර්ගයෙන් අදහස් හුවමාරු කරගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන්.

වැඩ තහනමට ලක් කළ පොලිස් සැරයන්වරයා පසුගිය 30 වනදා රාත්‍රී 10 සිට පසුදින උදෑසන 6 දක්වා උපසේවක රාජකාරී යෙදී සිටියදී අංක 03 සිර මැදිරියේ රඳවාසිටින නන්ද කුමාර් තක්ෂි නැමති සැකකාරියට බිස්කට් ලබාදෙන බවට හා ඇය විසින් අඩක් ආහාරයට ගන්නා ලද බිස්කට් කැබැල්ලක් නිලධාරියට ලබා දී ඇති බවත් අවස්ථා කිහිපයකදීම එම සැකකාරිය රඳවා සිටි සිරමැදිරිය සමීපයට ගමන් කරන බවට හා ඇය සමඟ හස්ත සංඥා මාර්ගයෙන් අදහස් හුවමාරු කරගන්නා බවට CCTV කැමරා සමීප රූප පරික්ෂා කිරීමේදී අනාවරණය තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top