මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ සේවා නවීකරණය කිරීම ඇතුළු අංශ කිහිපයක් වෙනුවෙන් ලෝක බැංකුව විසින් ඩොලර් මිලියන 50ක ව්‍යාපෘතියකට අනුමැතිය ලබා දී තිබේ.
ශ්‍රී ලංකාවේ ඩිජිටල් අංශය ප්‍රවර්ධනය කිරීම ජනතාවගේ සහ ව්‍යාපාරවල අවශ්‍යතාවලට පිටුවහලක් වනු ඇති බවයි ලෝක බැංකුව පෙන්වා දෙන්නේ.
රජයේ සේවාවන් නවීකරණයකිරීමත්, එම සේවාවන් වඩාත් කාර්යක්ෂමව මහජනතාවට සමීපකරවීමත් මෙම ඩිජිටල් පරිවර්තන වැඩසටහනේ ප්‍රධාන අරමුණ වෙයි.
ශ්‍රී ලංකා ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතිය රජයේ සේවාවන් සඳහා ඒකාබද්ධ මාර්ගගත පුරවැසි සේවා ද්වාරයක්, කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය වැඩි දියුණු කිරීම සඳහා රජයේ ආයතන හරහා දත්ත බෙදාගැනීම සඳහා ආරක්ෂිත පද්ධතියක්, ඩිජිටල් ලේඛන ගබඩාකිරීම සඳහා ඩිජිටල් කවුළුවක් සහ ඉල්ලුම වැඩිවන විට පරිමාණය කළ හැකි වේදිකාවක් ඇතුළු කේන්ද්‍රීය ඩිජිටල් විසඳුම් සඳහා සහාය වනු ඇති බවද ලෝක බැංකු පවසයි.





