/ Dec 29, 2025

කන්කසන්තුරය සහ අනුරාධපුර අතරත් දුම්රිය ධාවනය අද සිට ඇරඹේ!

‘දිට්වා’ සුළි කුණා­ටුවේ බල­පෑ­මෙන් හානි වූ කන්ක­ස­න්තු­රය සහ අනු­රා­ධ­පු­රය අතර දුම්රිය ධාවන කට­යුතු අද (22) සිට නැවත ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

අයහපත් කාලගුනයේ බලපෑම හේතුවෙන් දුමරිය මාර්ග රැසකට හානි වූ අතර වැඩිම හානිය සිදුවූයේ උඩරට මර්ගයටයි.

උඩරට මාර්ගයේත් බදුල්ල සහ අඹේවෙල අතර කොටස ප්‍රතිසංස්කරණවලින් පසු පසුගිය 20 වැනිදා ධාවන කටයුතු ආරම්භ කළේය. ඒ ආපදාවෙන් දින 23කට පසුවයි.

නැ‍ඟෙන­හිර දුම්රිය මාර්ගයේ හානි වූ ස්ථාන අලු­ත්වැ­ඩියා කිරී­මෙන් අන­තු­රුව කොළඹ කොටුව හා ත්‍රිකු­ණා­ම­ලය අතර ධාවන කට­යු­තුද පසුගිය (20) ආරම්භ විය.

ඒ අනුව දින 23 කට පසුව කොළඹ කොටුව සිට උදෑ­සන 6ට ත්‍රිකු­ණා­ම­ලය බලා පළමු දුම්රිය ගමන් ආරම්භ කළ අතර ත්‍රිකු­ණා­ම­ලයේ සිට කොළඹ කොටුව දක්වාද උදෑ­සන 7 ට දුම්රි­යක් ධාව­නය කෙරුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top