ඖෂධ සම්බන්ධයෙන් වන ගැටලුවලට ඇමතිවරයා වගකිවයුතු නැති බව වත්මන් රජයේ නිලධාරීන් පවසන පසුබිමක හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නිදහස් විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
”ඒ ආණ්ඩුවේ යම්කිසි අතපසුවීමක් වෙලා හිටපු ඇමතිවරයා වැරදිකරු වෙනවා නම් මේ ආණ්ඩුවේත් යම් අතපසුවීමක් වුණා නම් වැරැද්ද ඇමතිවරයා භාරගන්න ඕනේ. එක ආණ්ඩුවකට එක නීතියයි මේ ආණ්ඩුවට තව නීතියක් තියෙන්න විදිහක් නෑ.” යනුවෙන් මන්ත්‍රීවරයා සඳහන් කරයි.





