දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මෙරට ශ්‍රමිකයින් 374,000කගේ රැකියා අහිමි වී ඇතැයි ජාත්‍යන්තර කම්කරු සංවිධානය පෙන්වා දෙයි.
සුළි කුණාටුවත් සමඟ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මෙලෙස ශ්‍රමිකයින්ට පීඩාවට පත්ව ඇති අතර එයින් මසකට අමෙරිකානු ඩොලර් මිලියන 48ක් දක්වා පාඩුවක් සිදුව ඇති බව ඔවුන් තක්සේරු කර ඇත.
මේ අතර දිට්වා සුළිකුණාටුවේ බලපෑම හේතුවෙන් රටට සිදුව තිබෙන හානිය ඩොලර් බිලියන 4.1 ක් බව ලෝක බැංකුව තක්සේරු කර තිබේ.
ඒ අනුව එම හානිය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 4% කට ආසන්න අතර සුළි කුණාටුවේ බලපෑමට වැඩියෙන්ම ගොදුරු වූ මධ්‍යම පළාතට සිදුව ඇති හානිය ඩොලර් මිලියන 689 ක් ලෙස ගණන් බලා තිබේ.





