බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (29) උදෑසන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබේ.
ඔහුට එරෙහිව අද අධිකරණයේ නඩු දෙකක් විභාග වීමට නියමිතය.
ආන්දෝලනාත්මක එයාර් බස් ගනුදෙනුවේදී රුපියල් මිලියන 100ක් අල්ලස් වශයෙන් ලබාගත් බවට එල්ල වී ඇති චෝදනාවට අදාළ නඩුවට නාමල් රාජපක්ෂ මහතාව අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඔහුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය අද දිනයේදී ප්‍රකාශයට පත්කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් පසුගිය නඩුවාරයේදී (18) ප්‍රකාශ කර තිබුණි.
මේ අතර නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරස්‍රය, ක්‍රිෂ් පෞද්ගලික සමාගමට බදු දීමේදී රුපියල් මිලියන 70ක් අල්ලස් වශයෙන් ලබාගත් බවට එල්ල වී ඇති චෝදනාවට අදාළ නඩුව ලබන මස 06 වනදා කැඳවීමට නියමිතව තිබුණ ද එම නඩුවත් අද දිනයේදීම කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ (28) නියෝග කරන ලදී.
ඒ අනුව එම නඩු දෙක සඳහාම මන්ත්‍රීවරයාව ඉදිරිපත් කිරීමට නියමිතයි.






