/ Dec 29, 2025

නාවික හමුදාවට කොටු වුණු මත්ද්‍රව්‍ය තොගය: කෝටි 200කට ආසන්නයි!

දකුණු මුහුදු ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සමග නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍ය වල වටිනාකම කෝටි 200කට ආසන්න බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි.

හෙරොයින් කිලෝග්‍රෑම් 21කට අධික ප්‍රමාණයක් සහ අයිස් කිලෝග්‍රෑම් 172ක් එම යාත්‍රාවේ තිබී සොයාගත් අතර දකුණු මුහුදු ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සමග නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව සමග පුද්ගලයින් 05 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ අනුව අද (24) සැකපිට නාවික හමුදා භාරයට ගත් දේශීය බහුදින ධීවර යාත්‍රාව ඉදිරි විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එන ලදී.

මෙම යාත්‍රාව ගන්දර ප්‍රදේශයේ සිට ධීවර කටයුතු සදහා පිටත්ව ගොස් ඇත.

වැඩිදුර විමර්ශන සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකරනු ලබයි.

මෙම මත්ද්‍රව්‍ය තොගය නිරීක්‍ෂණයට එක්වූ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යතු අරුණ ජයසේකර අදහස් දක්වමින් පැවසුවේ මතින් තොර රටක් – නිරෝගී පුරවැසි දිවියක්’ යන රජයේ දැක්මට සමඟාමීව ක්‍රියාත්මක කර ඇති ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සියළුම බුද්ධි අංශ සැලැස්මක් සහිතව මත්ද්‍රව්‍ය වැටලීමේ ක්‍රියාන්විත මනා සංවිධානයකින් යුතුව සහ තීව්‍ර ලෙස දියත් කර ඇති බවත්ය.

රටතුලට මත්ද්‍රව්‍ය රැගෙන එන ජාවාරම්කරුවන් හට ඒ සඳහා කිසිදු අවස්ථාවක් නොමැති බවත්, මෙම නිතී විරෝධී සහ සමාජ විනාශකාරි කටයුතු වලින් ජාවාරම්කරුවන් හට ඉවත්වන ලෙසත් අවධාරනය කෙරිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, රටේ ඇතිවූ ජාතික ආපදා තත්වය හමුවේ ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු රාජ්‍ය යාන්ත්‍රනය මානුෂීය අධාර සහ ආපදා සහන මෙහෙයුම් සඳහා කැපවී සිටියදී වුවද, ජාතික ආරක්‍ෂාවට සහ මහජනතාවගේ ආරක්‍ෂාවට විශාල බලපැමක් සිදුකරනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා කිසිදු ඉඩක් නොතබන බව පැවසීය. එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ ඊට අනුබල දෙන්නන් හට කිසිදු ගැලවීමක් නොමැති බවත්, මත්ද්‍රව්‍ය කිසිදු ආකාරයකින් රටතුලට ගෙන ඒමට ඉඩ නොතබන බවත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top