/ Dec 29, 2025

මත්තල ගොඩ ගන්න පෞද්ගලීකරණය නොකර පෞද්ගලික අංශයට දෙන්න යයි

මත්තල ජාත්‍යන්තර ගුවන්තොට රාජ්‍ය ව්‍යාපාර-පෞද්ගලික හවුල්කාරීත්ව වැඩසටහනක් යටතට ගෙන ඒමට යෝජනාවක් සකස් කර ඇතැයි වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක පවසයි.

කෙසේ වෙතත් මෙය ගුවන්තොටුපොළ පෞද්ගලීකරණය කිරීමක් නොවන බවද ඔහු අවධාරණය කළේය.

මෙම යෝජනාවට තවමත් කැබිනට් අනුමැතිය ලැබී නැති අතර ඉදිරියේදී කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම වැඩපිළිවෙලට එක්වීමට දැනටමත් පෞද්ගලික සමාගම් තුනක් සිය කැමැත්ත පළ කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top