සාමාන්‍ය ජනතාව විසින් බහුලව භාවිත කරන කුඩා වාහනවල මිල අඩු කිරීමට රජය ප්‍රමුඛත්වය දිය යුතු බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ පවසයි.
දැරිය හැකි මිලක් සඳහා අඩු එන්ජින් ධාරිතාවක් සහිත වාහනවලට අදාළ වන මිල ගණන් සහ බදු ව්‍යුහය සංශෝධනය කරන ලෙසයි ඔහු රජයෙන් ඉල්ලා සිටින්නේ.
ඒ අනුව මධ්‍යම ආදායම් ලබන පාරිභෝගිකයන් විසින් සාමාන්‍යයෙන් මිලදී ගන්නා ඇල්ටෝ, වැගන් ආර්, යාරිස් සහ හස්ට්ලර් වැනි මාදිලි ඇතුළුව 1,000cc කාණ්ඩයේ වාහන සඳහා බදු අඩු කරනු ඇතැයි එම සංගමය අපේක්ෂා කරයි. වර්තමාන මිල ගණන් අනුව වැගන් රථයක රු. මිලියන 4ක් පමණ බදු අන්තර්ගත බවද ඔහු පවසයි.
එවැනි කුඩා මෝටර් රථ මධ්‍යම පාන්තික පුරවැසියන් වෙත වඩා සමීප කරවීම වෙනුවෙන් බදු සහනය ක්‍රියාත්මක විය යුතු බවයි මානගේ මහතා පෙන්වා දෙන්නේ.
කෙසේවෙතත් අනපේක්ෂිත ලෙස ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් වාහන අලෙවිය තියුණු ලෙස පහත වැටී ඇති බව ඔහු තවදුරටත් සඳහන් කරයි.
එමෙන්ම මහජනතාව මුහුණ දෙන ආර්ථික දුෂ්කරතා නිසා ඇණවුම් කළ බොහෝ ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ මිලදී ගැනීම් සම්පූර්ණ කිරීමට නොහැකි වී ඇති බවද ඔහු කියා සිටියි.
පවතින රෙගුලාසි අනුව වාහන නිෂ්කාශනය සඳහා මාස තුනක කාලය ඉක්මවා ගියහොත් සියයට 3ක දඩයක් නියම කරන හෙයින් පවතින ආපදා තත්ත්වය සැළකිල්ලට ගෙන හැකි නම්,සියයට 3ක දඩය ඉවත් කරන ලෙස ඔහු වැඩිදුරටත් රජයෙන් ඉල්ලා සිටියි.





